අද කාලගුණය _ හංසලි උමාදී

නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මාර්තු මස 04 දින රාත්‍රී 11.30 වන විටගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වෙරළට කි.මී. 220 ක් ඊසාන දෙසින් (10.3N, 82.6E) ස්ථානගතව පැවතුනි.
මෙම පද්ධතිය ඉදිරි පැය 36 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළට ආසන්නයෙන් වයඹ දෙසට බරව ගමන් කර, ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළදෙසට ගමන් කරනු ඇතයි අපේක්ෂා කෙරේ.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ.
ඌව පළාතෙත් රත්නපුර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවල උදේ කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
උතුරු පළාතෙත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී (40-50) දක්වා වැඩි විය හැක.