මහනුවර දිස්ත්‍රික් සමථමූල මණ්ඩල පත්වීම් ප්‍රදානය – නදීක දයා බණ්ඩාර – මහනුවර

මහනුවර දිස්ත්‍රික්කයේ ඉඩම් සඳහා ක්‍රියාත්මක සමථමූල මණ්ඩල සඳහා නව පත්වීම් ප්‍රදානය අද (04) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිය.
ඉඩම් සම්බන්ධ ආරවුල් අවම කිරීමේ අරමුණින් ස්ථාපිත කරන ලද මෙම නව සමථ මූල මණ්ඩලය අධිකරණ අමාත්‍යංශය සහ සමථ මණ්ඩල කොමිෂන් සභාව යටතේ පිහිටුවා තිබේ.
යුද්ධයෙන් අනතුරුව ඉඩම් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා උතුරු නැගෙනහිර ස්ථාපිත කරල ලද සමථමූල මණ්ඩලයෙන් අනතුරුව පිහිටවූ පළමු ප්‍රාදේශීය ඒකකය මෙය වන අතර ඉඩම් සම්බන්ධ ගැටලු අධිකරණය කරා නොගොස් සමථයට පත් කිරීම මෙම මණ්ඩලයේ ප්‍රධාන අරමුණක් යැයි එම මණ්ඩලයේ සභාපති විශ්‍රාමික විනිසුරු හෙක්ටර් එස් යාපා මහතා ප්‍රකාශ කළේය.
මෙරට අපාරධ නඩු ඉහළ යෑම සඳහා ඉඩම් සම්බන්ධ ආරවුල් විශාල වශයෙන් හේතුවන බැවින් ඉඩම් ආරවුල් කඩිනමින් සමථ කිරීම අපේක්ෂා කරන බව ද සභාපතිවරයා කීවේය.
ඒ අනුව අපරාධ සම්බන්ධ පැමිණිලි දින තිහක් තුළදී ද සිවිල් පැමිණිලි දින හැටක් තුළදී ද සමථ කිරීම මෙම විශේෂ මණ්ඩලයේ අපේක්ෂාවක් යැයි එහි සභාපති විශ්‍රාමික විනිසුරු හෙක්ටර් එස් යාපා මහතා සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික්කය සඳහා නිලධාරීන් හතළිස් හය දෙනෙකු මෙම ඉඩම් සම්බන්ධ විශේෂ සමථමූල මණ්ඩලයට පත් කොට ඇති අතර ඔවුන් සඳහා පත්වීම් ප්‍රදානය කිරීම මෙහිදී සිදුවිය.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න මහතා, ආසියානු පදනමේ නීතිය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබද වැඩසටහන් අධ්‍යක්ෂ රමණි ජයසුන්දර මහත්මිය, මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් සම්පත් බණ්ඩාර ජයසිංහ මහතා, මහනුවර සහකාර දිස්ත්‍රික් ලේකම් සඳමාලී ජයසිංහ මහත්මිය ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.