ඉදිරි සතිවලදී ඖෂධ හිඟයක් ? – හලාවත සදලි නවෝද්‍යා

ඉදිරි සති තුලදී රට තුල සැලකිය යුතු මට්ටමේ ඖෂධ හිඟයක් පැවතිය හැකි බව ශ්‍රී ලංකා ඖෂධ සංසදය පවසයි.
මෙයට හේතුව රට තුල පවතින ඩොලර් හිඟය හේතුවෙන් ඖෂධ ආනයනය කල නොහැකි තත්ත්වයක් මතුවී ඇති බව ඖෂධ සංසද සභාපති ඒ.ජේ.බස්නායක කොළඹ පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
මේ වන විට දිවයින පුරා ඖෂධ සැල්වල පැරසිටමෝල් ඇතුළු ඇතැම් ඖෂධ සිරප් වර්ග නොමැති තත්ත්වයක් පවතින බව වාර්තා වේ.
එමෙන්ම රෝගීන් පාවිච්චි කරන ප්‍රධාන ඖෂධ වර්ගයක් සම්බන්ධයෙන්ද ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.