ඉන්ධන හිගයට විසදුම් ඉල්ලමින් දුපත් වාසින්ද විරෝධතාවයේ – නිමේෂ් සංදීප

ඉන්ධන හිගය ඇතුළු ගැටළු කීපයකට විසදුම් ඉල්ලමින් කල්පිටිය බත්තලංගුණ්ඩුව දුපතේ ධීවරයන්අද ( 03) දිනයේ මුහුදු යාමෙන් වැලකි විරෝධතාවයක නිරත විණි .

කල්පිටියේ සිට මුහුදු සැතපුම් 22ක් දුරින් බත්තලංගුණ්ඩුව දුපත පිහිටා ඇති අතර මෙහි ධිවර පවුල් අටසියයක් පමණ ජිවත් වෙයි . අද දිනයේ මීගමුවේ පැවති ධිවර විරෝධතාවයට සමගාමිව මේ විරෝධතාවය පැවැත්විණි .
ඉන්ධන හිගය , ඉන්ධන මිළ ඉහල යාම , ධිවර ආම්පන්න වල මිළ ඉහල යාම , ඉන්ධිය ධිවර ආක්‍රමණ වලට වහා විසදුම් ලබා දෙන ලෙස දුපත් වාසි ධීවරයන් මෙහිදී ඉල්ලා සිටියහ .
මේ විරෝධතාවයට සමගාමිව දුපතේ ධීවරයන් මුහුදු යාමෙන් වැලකි දුපතේ කතෝලික දේවස්ථානය ඉදිරිපට බිම වාඩිවී විරෝධතාවයේ නිරත් විණි .