අද කාලගුණය| ~ ඇතැම් ප්‍රදේශයන්හි වලාකුළින් බරවූ අහසක් ~ හංසලි උමාදී

|
බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ දී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇත.
එම පද්ධතිය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින කිහිපයේ දී (මාර්තු 04 සහ 05 දින වල) ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අහස වලාකුළින් බරව පවතී.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ. නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
ඇති වෙයි.
සබරගමුව පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹසහ ඌව පළාත්වලත් මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී (40-50) දක්වා වැඩි විය හැක.