විදුලි කප්පාදුව 5 වැනිදායින් අවසන් – ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.- හංසලි උමාදී

විදුලිය කප්පාදු මේ මස 5 වැනිදායින් පසුව නොකරන බව නිලධාරීන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැනුම් දුන් බව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශවල නිලධාරීන් සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වා ගෙන යාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීමට ද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

දිවයින පුරා සියලුම ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම අද සිට සාමාන්‍ය පරිදි සිදු කරන බැවින් ජනතාව අනිසි බියකින් ඉන්ධන එක් රැස් කිරීමෙන් වලකින ලෙස එහිදී නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලීමක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, රාජ්‍ය  අමාත්‍ය කාංචන විජේසේකර, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති.

Attachments area
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *