විදුලි අර්බුදයක් පවතින රටේ නිතියත් නොසලකා හැටන් ළමා උයනේ එළිමහන් විදුලි පහන් රාත්‍රිය පුරා දල්වා තබයි.-චන්දන ජයවීර – හැටන්

හැටන් – දික්ඔය නගර සභාව විසින් පවත්වාගෙන යන හැටන් සාත්තු නිවාස පාරේ පිහිටි අබුසාලි ළමා උයනේ රාත්‍රි කාලය පුරා නිකරුනේ විදුලි බුබුළු රාශියක් දල්වා තබමින් පවතින බව දැකගන්නට ලැබේ .

රට පවතින ඩොලර් අර්බුදය හමුවේ අර්ථික අවපාතයකට පත්වෙමින් ඉන්ධන සපයා ගැනිමේ බරපතල ගැටළුකාරි තත්ත්වයක පවතිමින් තිබිය දි ජල විදුලිය උද්පාදනය ද 20 % දක්වා පහත බැස ඇති වකවානුවක අද දිනයේ සිට දිනකට පැය 7 ක කාලයක් ජාතික පද්ධතියේ විදුලිය විසන්ධි කිරිමට ලංකා විදුලිය බල මණ්ඩලය තිරණය කර තිබේ.
එවන් වකවානුවක ප්‍රදේශයේ පලාත් පාලන ආයතනය ලෙස ප්‍රදේශවාසි ජනතාවට ද ආදර්ශයක් සැපයිය යුතු වකවානුවක අඛණ්ඩව විදුලිය සැයීම බරපතල අර්බුධකාරි තත්ත්වයක් බවට පත්ව තිබිය දි එය මෙර ට ආර්ථාකය ට මරු පහරක් බවට පත්ව තිබිය දි මෙම එළිමහන් ළමා උයනේ විදුලි පහන් රාත්‍රිකාලයේ දල්වා තිබෙන අයුරු දක්නට ලැබේ.
විශේෂයෙන්ම මෙහි දරුවන් සදහා විනෝද වීම ට ඇතුලත් වීම සදහා පෙ.ව 10 සිට ප.ව 7 දක්වා විවෘත්තව තිබෙන අතර සවස 6.00 න් පමණ පසුව සාමාන්‍යයෙන් කිසිවෙක් මෙහි රැදි සිටින්නේ ද නැත.එවන් වකවානුවක රාත්‍රි කාලය පුරා විදුලි පහන් දල්වා ආලෝකය සැපයීම කිසිදු ප්‍රයෝජනයක් ඇති ක්‍රියාවක් නොවනු ඇත.
එම ළමා උයන පුරා විදුලි බල්ල 15 ක් පමණ නිකරුනේ දැල්වෙන අතර සාමාන්‍යයෙන් එහි මාසික විදුලි බිල රුපියල් 2300 ක් පමණ වු අතර එහි බිල පසුගිය මාසයේ රුපියල් 7000.00 පමණ වන බව අණාවරණය වෙයි