ප්‍රදේශ කිහිපයකට තද වැසි ~ හංසලි උමාදී

නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පවතින අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතින අතර එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

මෙහි බලපෑම හේතුවෙන්, අද දින රාත්‍රියේ සිට 04 දින දක්වා උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල අහස වලාකුළින් බරව පවතියි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑලිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

උතුරු පළාතේත් මහනුවර, හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, උතුරු – මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී (40-50) දක්වා වැඩි විය හැක.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *