අද පැය හතහමාරක විදුලිය කප්පාදුවක් – හංසලි උමාදී

අද දිනයේ දහවල් කාලයේ පැය 5 ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය දෙකහාමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව, උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා E,T,U,V,W යන කලාප සඳහා පැය 5 ක විදුලි කප්පාදුවක් සිදු වන අතර දහවල් 1.00 සිට සවස 6.00 දක්වා F,P,Q,R,S කලාප සඳහා ද පැය 5 ක විදුලි කප්පාදුවක් සිදු කරයි.

රාත්‍රී කාලයේදී ද සවස 6.00 සිට රාත්‍රී 8.30 දක්වා E,T,U,V,W යන කලාප සඳහා පැය දෙකහාමාරක විදුලි කප්පාදුවක් හා 8.30 සිට රාත්‍රී 11.00 දක්වා F,P,Q,R,S කලාප සඳහා ද පැය දෙකහාමාරක විදුලිය කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *