මහනුවර මත්කුඩු වැටලීම – මහනුවර වාර්තාකරු

මහනුවර මහයියාව ප්‍රදේශයේදී මත්කුඩු ග්රෑම් පහක් සමඟ තරුණියන් දෙදෙනෙකු ඔවුන්ගේ පියා සහ මාමා සමඟ මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශය මගින් අද (02) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගත් තරුණියන් දෙදෙනා අවුරුදු 26 සහ 27 වයසේ පසුවන බව පොලීසිය පවසයි.
තරුණියන්ගේ පියා බව කියන පුද්ගලයා සහ මාමා සතුව හෙරෝයින් ග්රෑම් 4.3 ක් තිබී ඇත.තරුණියන් දෙදෙනා සතුව මත්කුඩු පැකට් දෙකක් තිබූ බවත් මොවුන් සියලු දෙනා හෙරෝයින් භාවිතයට යොමුවූ අය බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
මහනුවර පොලීසියේ වැඩබලන පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.පී සතරසිංහ මහතාගේ උපදෙස් මත දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *