රට පුරා රෝද පුටු චාරිකා – කොළඹ මෙලනි මානෙල් , කුරුණෑගල චාන්දනී දිසානායක , හා මහනුවර වාර්තාකරු

මාර්තු 01 දා ට යෙදුණු ජත්‍යන්තර රෝද පුටු දිනය නිමිත්තෙන්, ප්‍රථම වතාවට ශ්‍රි ලංකාවෙි දී ආබාධ සහිත පුද්ගල සංවිධාන එකමුතුව මගින් අද :02 දා දිස්ත්‍රික්ක 06 යක දී රෝද පාද චාරිකා නමින් ජත්‍යන්තර රෝද පුටු දිනය සමරනු ලැබිණි.
මාතර, කොළඹ, මහනුවර, කුරුණෑගල, පුත්තලම සහ මොණරාගල යන දිස්ත්‍රික වල දී අද පෙරවරුවේ එක ම වේලාවට රෝදපාද චාරිකාව සිදුකෙරිණි.
මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය අභියසින් රෝද පුටුවල නැගුණු ආබාධ සහිත පුද්ගලයින් දළදා වීදියලකොටුගොඩැල්ල වීදිය ඔස්සේ ගමන් ගෙන මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණියහ.
එහිදී අයිතීන් උදෙසා අපි සංවිධානයේ සභාපති නිශා ෂරීෆ් මෙණවිය විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාට සංදේශයක් බාර දෙමින් රෝද පුටුවේ ප්‍රවේශ අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලීමක් කරනු ලැබුවාය.
ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ජනතා අවධානය යොමු කිරීම සඳහා අදාළ වැඩපිළිවෙළ දියත් කළ බවත් රෝද පුටුවක් මත සිටින්නේ මූලික අයිතිවාසිකම් හිමි තවත් පුද්ගලයෙකු බව සැවොම තේරුම් ගත යුතුව තිබෙන බවත් නිශා ෂරීෆ් මෙණවිය කීවාය.
රෝද පුටු භාවිත කරන අයට පොදු ස්ථාන වලට ප්‍රවේශ වීම සඳහා අවශ්‍යය පහසුකම් සැලසීම පිළිබඳව මේවන විටත් අවධානය යොමුව තිබෙන බවත් අලුතින් ගොඩනැගිලි ඉදිකිරීමේදී ආබාධ සහිත පුද්ගලයින්ට අවශ්‍යය පහසුකම් සැළසෙන ආකාරයෙන් එම ඉදිකිරීම් කරන ලෙස දැනුවත් කිරීම සිදුකර තිබෙන බවත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා කීය.
මධ්‍යම පළාතේ රාජ්‍ය සේවකියින් 1000 කට සංඥා භාෂා අවබෝධය ලබා දීමට පියවර ගෙන තිබෙන බව මෙහිදී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා පැවසුවේය.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න,මහනුවර දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී චන්දන කල්පගේ,බැරන්ඩිනා ආයතනයේ ව්‍යාපෘති කළමනාකාර අර්ජුණ එරමුදුගොල්ල යන මහත්වරුද මෙහිදී කතා කළහ.