ජනතා විමුක්ති පෙරමුණ හලාවත හොල්ලයි – ජනනි කොඩිතුවක්කු

ඉන්ධන හිගය , බඩු මිළ ඉහල යාම ,විදුලි අර්බුධය ඇතුළු ගැටළු කීපයකට වහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ රටපුරා ගෙන යන විරෝධතා මාලාවේ එක් විරෝධත්වයක්  ඊයේ  01 පස්වරුවේ හලාවතදී පැවැත්විණි . මේ සදහා පුත්තලම දිස්ත්‍රික්කයේ විශාල ජනතාවක් සහභාගී වූහ . විරෝධතා කරුවන් පෙළපාලි යාම හේතුවෙන් පැයකට ආසන්න කාලයක් හලාවත නගරයේ දැඩි රථ වාහන තදබදයක් පැවතිණි  .

ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක ගයාන් ජානක , හලාවත ආසන සංවිධායක අජිත් ගිහාන් , පුත්තලම දිස්ත්‍රික් සංවිධායක නිමල් පතිරණ යන මහත්වරු මෙය සංවිධානය කර තිබිණි .

මෙහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හලාවත ආසන සංවිධායක අජිත් ගිහාන් මහතා කියා සිටියේ දැන් හෝ රජය පවතින තත්වය අවබෝධ කර ගනිමින් ජනතාවට බලපා ඇති ප්‍රධාන ගැටළු වලට විසදුම් ලබා දිය යුතු බවයි .

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *