ආනන්ද සංගරී මහතා සිංහල දෙමළ ජනතාව අතර සුහඳත්නය වර්ධනය කිරීමට කටයුතු කළ දේශපාලනඥයෙක්. –

දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු නියෝජිතයින් ජිනීවා මානව හිමිකම් කොමසම හමුවට යන්නේ රට අපහසුතාවට පත්කර තමන්ගේ පටු දේශපාලනික අවශ්‍යයතා ඉටුකර ගැනීමට බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.
මොවුන් මේ කරන කටයුතු නිසා මෙරට සිංහල හා දෙමළ ජනතාව අතර පවත්නා සංහිඳියාවටද තර්ජනයක් වන්නේ යැයි උන්වහන්සේ කීහ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී මහතා  (01) අස්ගිරි මහ විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ ධම්මානන්ද නාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.
වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූහ.දෙමළ ජාතික සන්ධානයේ නායකයෝ යැයි කියා ගන්න පිරිස අපේ සංස්කෘතියට කැමැති අය නොවෙයි.ඔවුන් තමන්ගේ බලය සඳහා වෙනම ගමනක් යන පිරිසක්.ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු උතුරේ තත්ත්වය යම් පරිවර්තනයකට ලක්ව තිබෙනවා.සාමාන්‍යය ජනතාව සිංහල ජනතාව සමඟ සුහඳව ඉන්න බලන්නේ.

ආනන්ද සංගරී මහතා සිංහල දෙමළ ජනතාව අතර සුහඳත්නය වර්ධනය කිරීමට කටයුතු කළ දේශපාලනඥයෙක්. එවැනි අය දේශපාලන ක්ෂේත්‍රයෙන් ඉවත්කරන්න දෙමළ සන්ධානය කටයුතු කළා.ඔවුන් සෑම විටම උත්සහ කළේ සිංහල හා දෙමළ ජනතාව අතර විරසකයක් ගොඩනගන්නයි.එල්.ටී.ටී.ඊ සංවිධානය කළෙත් ඒකයි.අද මේ උතුරේ දේශපාලනඥයින් කරන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානය එදා කළ දේමයි.දෙමළ සන්ධාන නියෝජිතයින් ජීනිවා මානව හිමිකම් කොමසම හමුවට යාමෙන් සිදුවන්නේ අපේ රටේ ජාතීන් අතර පවත්නා සංහිඳියාවට ගැටලු මතුවීමයි.
බෞද්ධ හා හින්දු ආගම් සැසඳීමේදී යම් යම් බැඳීම් තිබෙනවා.මහනුවර ඇසළ පෙරහර ගත්තත් ඒ සංස්කෘතික හා ආගමික බැඳීම පැහැදිලිව පේනවා.එල්.ටී.ටී.ඊ යුද්ධය නිසා සිංහල,දෙමළ සියලු ජාතීන් පීඩාවට පත්වුණා.මේ රටේ සාමය අගය කළ දෙමළ ජාතික දේශපාලන නායකයින්ව එදා එල්.ටී.ටී.ඊ සංවිධානය විනාශ කළා.ඒ වෙනුවට ඉදිරියට ඇවිත් දෙමළ ජනතාවගේ නායකයින් ලෙස පෙනී හිටියේ ජාතිවාදී අදහස් තිබෙන දෙමළ සන්ධානය නියෝජනය කරන සුමන්තිරන්,සම්බන්ධන් වගේ අයයි.ඔවුන් සෑම විටම ක්‍රියාකළේ රටට සහ ජනතාවට විරුද්ධවයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *