හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රිය මහත් හරසරින් සමරතී.- චන්දන ජයවීර – හැටන්

හින්දු බැතිමතුන් මහත් හැර සරින්  සමරණ ආගමික උත්සවය  මහා ශිවරාත්‍රිය අද දිනට යෙදි තිබේ.

ශිවම් දේවියන් බලය හෙවත් ආලෝක ජාලාව ලොවට විදහා පාන ලද දිනය ලෙස මෙම දිනය හැදින්වේ.ඒ අනුව ලොවපුරා හින්දු බැතිමතුන් අද රාත්‍රියේ හින්දු කොවිල් වෙත එක්ව පුද පුජා පවත්වමින් ශිව  දෙවියන්  වන්දනා කරති.

විශේෂයෙන් ම හින්දු බැතිමතුන්අද රාත්‍රියේ හින්දුකොවිල් වල විශේෂ ආගමික නාට්‍ය , ජවනිකා රඟ දැක්විම,පුජා පැවැත් වීම ආදිය සිද කෙරේ.

උඩරට වතුකරයේ ප්‍රධාන ආගමික වැඩසටහන හැටන් සිවන් කෝවිලේදී පැවැති අතර, ඊට හින්දු භක්තිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *