බෙන්ගාල බොක්කේ කැළඹිලි ස්වභාවයක් ධිවරයනට අවවාද – හංසලි උමාදී

ගිනිකොණ දිගබෙංගාල බොක්ක සහ ඊට යාබද දකුණු අන්දමන් මුහුද ආශ්‍රිත පැවති කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත. 

නැවත දැනුම් දෙන තුරු, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුල (03S-10N, 85E-93E) ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරනු ලැබේ.

තවද, මාර්තු 02 දින සිට ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට ගිනිකොණනැගෙනහිර සහ ඊසාන දෙසින් වන මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවික කටයුතු වල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසත්ඉදිරි කාලගුණ අනාවැකි පිළිබඳ ව අවධානයෙන් පසු වන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවෙන් ඉල්ලා සිටිනු ලබයි.

_____සුළඟ_____


දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී.(30-40) පමණ වේ.

කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ ත්‍රිකුණාමලය  සිට  මඩකලපුව  සහ  හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (4550) පමණ දක්වා වැඩි විය හැක.

_____මුහුදේ ස්වභාවය_____

කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ  ත්‍රිකුණාමලය  සිට  මඩකලපුව  සහ හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙයි..

එමෙන්ම, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *