මහ බැංකුවේ ඩොලර් සැපයුම ක්‍රියාත්මක නොවෙන බවක් පිලිබදව ගම්මන්පිල කියයි – හංසලි උමාදී

ඉන්ධන සඳහා මහ බැංකු අඛණ්ඩව ඩොලර් නිදහස් කරන බව පැවසුවද මහපොළව තුළ එය ඉටුනොවන බවත් ඩොලර් අඛන්ඩව ලබාදෙන්නේ නම් ඉන්ධන අර්බුදයක් නොමැතිව ඉන්ධන අඛණ්ඩව සැපයිම සහතික කළ හැකි බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා තිබෙයි.
ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අර්බුදයක් හෝ විදුලි අර්බුදයක් නොව විදේශ විනිමය අර්බුදයක් පමණක් ඇති බවත් පසුගිය වසර පුරාම විදේශ විනිමය අර්බුදය ඇති වන බව කිව්වත් මේ වන විට ඒ භයන්කාර සිහිනය සැබෑ වී ඇති බවත් බලශක්ති අමාත්‍ය ගම්මන්පිල මහතා පැවසීය.
ශ්‍රී ලංකාව පසුගිය වසරේ ආයනයන සඳහා ඩොලර් බිලියන 21 ක් විදයම් කර තිබුණ ද ඉන්ධන ආනයනය සඳහා ඩොලර් බිලියන 2.8 ක් පමණක් වියදම් කර ඇති බව සඳහන් කළ අමාත්‍ය ගම්මන්පිල මහතා,නිසිලෙස සහ සකසුරුවමින් විදේශ විනිමය පාලනය කළ අනවශ්‍ය වියදම් කපා දැමුවහොත් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහ විදුලි සැපයමුක් ලබාදීමේ හැකියාව ඇති බව ද සඳහන් කර තිබේ.