රදැල්ල කෙටි මාර්ගයේ ලොරි රථ දෙකක් අනතුරට ලක්ව තිදෙනෙකු තුවාල ලබයි- චන්දන ජයවීර – හැටන්

 

 

නුවරඑළිය- හැටන් මාර්ගයේ නානුඔය, රදැල්ල කෙටි මාර්ගයේදී ලොරි රථ දෙකක්  ඊයේ  (27) සවස 6.00 ට පමණ අනතුරට ලක්ව පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

තුවාල ලැබුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, ඔවුන් ප්‍රතිකාර සදහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලීසිය කියයි.

පට්ටිපොල සිට කොළඹ දක්වා සිල්බර කොටන් ප්‍රවාහනය කරමින් තිබු දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් ලොරි රථයක් අධික බෑවුම් සහිත රදැල්ල කෙටි මාර්ගයේදී තවත් ලොරි රථයකට ඉස්සර කොට යාමේදී රියදුරාට ලොරි රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින්  පැමිණි තවත් ලොරි රථයක්ද අනතුරුට ලක් කරමින්  මාර්ගයෙන්  ඉවතට ධාවනය වී තේ වතුයායට පෙරළී ගොස් ඇතැයි පොලීසිය කියයි.

මෙම අනතුරින් අනෙක් ලොරි රථයද මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී අනතුරට ලක්ව ඇති අතර, එක් ලොරි රථ ගමන් ගත් දෙදෙනෛකු හා දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් ලොරි රථයේ රියදුරා මෙසේ තුවාල ලබා තිබේ.

මෙම අනතුරු සම්බන්ධයෙන් නානුඔය පොලීසිය වැඩිදූර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *