කඩුගන්නාව නගර සභාවට වැඩ බලන සභාපතිවරයෙක් – මහනුවර වාර්තාකරු

කූඨ ලේඛණ උපයෝගි කරගෙන විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ නැමැති අය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුමේන්තුව මගින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත.
නගර සභාවේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු නගරාධිපති ලෙස සඳහන් කූඨ ලේඛණයක් ආගමන විගමන දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් කර අදාළ විදේශ ගමන් බලපත්‍රය සකස්කර ගෙන තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබිණි.
මෙම කූඨ ලේඛණය සකස් කිරීම සඳහා ඔහුට සහය ලබාදීම හේතුවෙන් නගර සභාවේ එවකට සිටි ලේකම්වරිය මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා විසින් වෙනත් ආයතනයකට මාරු කරනු ලැබීය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සභාපතිවරයාව ඊයේ (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා තිබිණි.
මේ මස 24 දින රහස් පොලිසිය වෙත කැඳවා ඇති බව සඳහන් සභාපතිවරයා ප්රරකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
කඩුගන්නාවේ නගර සභාවේ මන්ත්‍රීවරු හා ප්‍රදේශවාසින් විසින් සභාපතිවරයාගේ වංචනික ක්‍රියා රැසක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත මෙන්ම රහස් පොලිසිය වෙතද පැමිණිලි කොට තිබූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විණි.
කඩුගන්නාව නගර සභාවේ මන්ත්‍රීවරු පිරිසක් සභාපතිරයාට එරෙහිව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාට පැමිණිලි කිරීමෙන් පසු පළාත් පාලන කොමසාරිස්වරයා විසින්ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ආණ්ඩුකාරවරයාට වාර්තාවක් ලබාදී තිබිණි.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී කඩුගන්නාව නගර සභාවේ උප සභාපති එස්.කේ.විජේරත්න මහතා පැවසුවේ සභාපතිවරයා අත් අඩංගුවට ගෙන ඇති බැවින් නගර සභාවේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් අද 25 දිනයේ වැඩ භාර ගන්නා ලෙස මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා තමන්ට දැනුම් දුන් බවයි.