ශ්‍රී පාද පුද බිම ආශ්‍රිත පරිසර වැඩසටහනක් – හැටන් චන්දන ජයවීර

 

නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගය දෙපස පරිසරයට බැහැර කර ඇති දිරා නොයන ඝන අපද්‍රව්‍ය එක් රැස් කිරීමේ ශ්‍රමදානයක් පසුගිය (22) දා සිට ආරම්භ කෙරිණි.

ශ්‍රීපාද වන්දනාකරුවන් විසින් නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ රක්ෂිතයට හා  පරිසරයට බැහැරකර ඇති ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් ඇතුළු දිරා නොයන ඝන අපද්‍රව්‍ය එක් රැස් කිරීම  මෙහිදී සිදු කැරිණි  .  මේ සත් කාර්ය සදහා  එනජී පෞද්ගලික සමාගමේ   නෝටන්බ්‍රීජ්, කිරිවන්එළියේ පිහිටි ජල විදුලිබලාගාරයේ සේවක මණ්ඩලය සහභාගීත්වයෙන් ආරම්භකැරිණි.

කන්ට්‍රි එනජි පෞද්ගලික සමාගමේ සම ප්‍රධාන විධායක නිලධාරි රසෙල් ද සිල්වා මහතාගේ අදහසක් අනුව ක්‍රියාත්මක කර ඇති ශ්‍රීපාද පරිසර ශ්‍රමදාන වැඩසටහන මෙම මස (22) දා සිට ශ්‍රීපාද වන්දනා සමය අවසන් වන තෙක් සෑම සති දෙකකට වරක් නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයේදී පැවැත්වෙන බව කන්ට්‍රී එනජි විදුලිබලාගාරයේ ව්‍යාපෘති සම්බන්ධීකරණ විධායක නිලධාරි එච්.එම්.එස්.කේ සෙනවිරත්න මහතා පැවසීය.

මෙහිදී එක් රැස් කරන ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරා නොයන ඝණ අපද්‍රව්‍ය තොගය මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ, නල්ලතන්නියේ පිහිටි ඝණ අපද්‍රව්‍ය එක්රැස්කරන මධ්‍යස්ථානය වෙත භාර දීම සිදු කිරීමට නියමිතව තිබිණි 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *