ජලාශ ජල මට්ටම තව දුරටත් පහතට – වියලි කාලගුණය ඉදිරියටත් පැවතිය හොත් පානිය ජලය සපුරා ගැනීම ද ගැටළුවක්. -චන්දන ජයවීර . හැටන්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලාශ වල ජල මට්ටම තව දුරටත් සිග්‍රයෙන් පහත බසිමින් පවති. 24 උදෑසන වන විට කාසල්රී ජලාශයේ ජල මට්ට ම පිටාර මට්ටමේ වු අඩි 155 සිට අඩි 40.4 දක්වා පහත බැස ඇති බව ත් මවුසාකැලේ ජලාශයේ ජල මට්ටම ද පිටාර මට්ටම වන අඩි 120 සිට අඩි 29 පමණ දක්වා පහත බැස තිබේන බව වාරි ඉංජිනේරුවෝ පවසති.
සමස්ථයක් ලෙස ගත් කල එය 50% ඉක්ම වු අවම වීමකි.
ඒ අනුව 70% තිබු ජල විදුලිය උත්පාදනය 20 % දක්වා පහත බැස ඇති බව ද වර්තා වේ.
පසුගිය සති දෙකකට පමණ පෙර දින තුනක් පමණ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයේ පිහිටි විදුලිය බලාගාර ජලාශ ආශ්‍රිත ප්‍රදේශයට සාමාන්‍ය වැසි වාර කිපයක් ඇති වුව ද ජලාශ වල ජල මට්ටම ඉහල නැංවීමට එය කිසිසේත් ම ප්‍රමාණවත් නොවිය.
එම තත්ත්වය හමුවේ කාසල්රී ජලාශයෙන් ජලය සපයාගෙන විදුලිය උත්පාදනය කරන විමලසුරෙන්ද්‍ර,ලක්ෂපාන හා පොල්පිටිය යන ජල විදුලිය බලාගාර වල විදුලිය නිෂ්පාදනය මේ දිනවල දි ද සිදුකෙරෙමින් පැවතිය ද සීඝ්‍රයෙන් ජල මට්ටම පහත බැසීම ගැටළුවක් බවට පත්වෙමින් තිබේ.
එමෙන් ම මෙම ජලාශ වල ජලය අඩු වීම නිසා කැලණි ගගේ ජල මට්ටම ද පහත බසින අතර එය බස්නාහිර පලාතේ පානීය ජලය සපයා ගැනීම සදහා ද බලපානු ඇති.
ජලාශයේ ජලය අඩුවීම නිසා ජලයෙන් යටව තිබු පැරණි ගොඩනැගීලි නැවත මතුවී තිබෙන අතර ඇතැම් ස්ථාන වල දරුවන් ක්‍රිඩා කිරිම හා ජලාශයේ පවතින අවධානම ද නොතකා තරුණ ඇතැම් පිරිස් ජල ක්‍රීඩා කරන අයුරු ද දක්නට ලැබීය.