දේශීය බැංකු ණයවර ලිපි නිකුත් කිරීමේ අසීරුතාවක – හංසලි උමාදී

ඇතැම් ජාත්‍යන්තර සැපයුම්කරුවන් මෙරට බැංකු පද්ධතිය හරහා නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීමට සූදානම් නොමැති තත්ත්වයක් මතු වෙමින් ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ඒ, විවෘත කරන ණයවර ලිපි සඳහා ගෙවීම් දිගින් දිගටම ප්‍රමාද වීමේ තත්ත්වය සැළකිල්ලට ගෙනයි.

මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බලපෑ හේතු සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ද අදහස් පළ කර තිබෙයි.

ඒ අනුව, මෙලෙස ජාත්‍යන්තර සැපයුම්කරුවන් මෙරට බැංකු පද්ධතිය හරහා නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීමට සූදානම් නොමැති වීමෙන් මෙරට ආනයන සඳහා තවදුරටත් ගැටලු ඇතිවිය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මෙම තත්ත්වය ඉදිරියටත් පැවතුණහොත් මෙරට ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම පිළිබඳව ද ආචාර්ය ප්‍රියංග දුනුසිංහ කරුණු පැහැදිලි කර ඇත.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් ඉකුත් සමයේ දිගින් දිගටම පැවසුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ පවා මෙරටට ආනයනය කිරීමට යාමේදී ණයවර ලිපි විවෘත කිරීම ගැටළු සහගත වූ බවයි.

ඊට ප්‍රධාන හේතුව වී තිබුණේ මේ වන විට පවතින ඩොලර් ගැටළුවයි. එය තවත් තීව්‍ර කරමින් මේ වන විට ඉන්ධන ආනයනයට ද මෙම තත්ත්වයෙන් බලපෑම් එල්ලවී තිබෙයි.

මෙරටට ඉන්ධන රැගෙන ආ නෞකා 03 ක ඉන්ධන ගොඩබෑම දින 03 ක් තිස්සේ ප්‍රමාදවී ඇත්තේ විවෘත කළ ණයවර ලිපිවලට ගෙවීමට ඩොලර් ලබාදීම ප්‍රමාදවීමත් සමඟිනි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *