හැටන් නුග අනතුර, පහක් අත්අඩංගුවට – හැටන් චන්දන ජයවීර

තලවකැලේ, මල්ලියප්පුව ප්‍රදේශයේ පිහිටි විශාල පැරණි නුග ගසක් කැපීමට යාමේදී ඊට යට වී ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු ඊයේ (22) අත්අඩංගුවට ගත් බව ලිඳුල පොලීසිය පවසයි.
මල්ලියප්පුව ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු, ගස කපන ලද නානුඔය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු හා ගස කැපීමට කොන්ත්‍රාත් ලබා ගත් නුවරඑළිය ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙසේ පොලීසිය විසින් සැකපිට අත් අත්අඩංගුවට ගෙන තිබේ.
තලවකැලේ දෙමළ මහ විදුහලේ ගුරුවරයෙකු ලෙස සේවය කරන ලද වේලුසාමී මහේෂ්වරන් (39) නැමැති අයෙකු මෙසේ මිය ගොස් ඇති අතර, ඔහුගේ මරණයට හා පැරණි නුග ගස කපා දැමීමට විරෝධය පාමින් තලවකැලේ නගරයේ හා ඒ අවට වැසියන් තලවකැලේ- නුවරඑළිය මාර්ගය හරස් කරමින් විරෝධතාවයක පවා නිතරතවුහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් (22) නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණි.
ලිඳුල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.