වෙන්නප්පුව සිරිගම්පොල ජාවාරම අතේ මාට්ටු – ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න

වෙන්නප්පුව උදාසිරිගම නව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වෙන්නප්පුව සිරිගම්පොල ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී නිතිවිරෝධිව
ප්‍රවාහනය කල දැව තොගයක් අත්අඩංගුවට ගෙන ඇත . පසුගිය 19 වැනි දින මේ වැටලීම සිදු කර ඇති අතර මෙහිදී මේ දැව ප්‍රවාහනය කල ලොරි රථය හා එහි රියදුරුද අත්අඩංගුවට ගෙන තිබිණි . මැහෝගනි දැව තොගයක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර එහි වටිනාකම ගණන් බලා නොතිබිණි .

මෙම දැව තොගය දංකොටුවේ සිට සිරිගම්පොල ට රැගෙන පැමිණි පැමිණි බව සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත .

සැකකරු සමග දැව තොගය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *