පල්ලේකැලේ දී ගත් බිල්ල – මහනුවර වාර්තාකරු

මහනුවර මහියංගණ ප්‍රධාන මාර්ගයේ පල්ලේකැලේ යුද හමුදා කඳවුර අසළදී යතුරු පැදියක් හා වෑන් රථයක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පොලිස් සැරයන්වරයෙකු මියගොස් ඇත.
අනතුර (19) අලුයම 2.20 ට පමණ සිදුව තිබේ.
මියගිය පොලිස් සැරයන් පුෂ්කුමාර නැමැති අය පල්ලේකැලේ පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව සේවය කරමින් සිට ඇත.
රාජකාරි අවසන්ව නිවස බලා යමින් සිටියදී ඔහු ගමන් ගත් යතුරු පැදිය වෑන් රථයේ ගැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
අනතුරින් බරපතල තුවාල ලත් පොලිස් සැරයන්වරයා මැණික්හින්න රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් තවත් දෙදෙනෙකු පල්ලේකැලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.