හන්තානේ අතරමංව සිටි සිසුන් බේරා ගනී – මහනුවර වාර්තාකරු
හන්තාන කන්ද තරණය කිරීමට ගිය කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් 370 දෙනෙකු පහතට පැමිණීමට නොහැකිව අතරමංව සිටියදී යුද හමුදාව,පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අද ( 18) අලුයම 3.00 ට පමණ එම පිරිස නිරුපද්‍රිතව පහතට රැගෙන විත් තිබේ.
මෙම පිරිස කොළඹ සිට බස් රථ වලින් මහනුවරට පැමිණ හන්තාන කන්ද තරණය කිරීම ආරම්භ කර ඇත්තේ පෙරේදා (17) පස්වරු 3.30 ට පමණය.අධික තෙහෙට්ටුව නිසා සිසු පිරිස අතරින් කිහිප දෙනෙකුගේම කෙන්ඩා පෙරළීම නිසා ඔවුන්ට පහතට බැස ගැනීමට නොහැකි වී ඇත.අධික මීදුම් සහිත තත්ත්වයත් සමඟ මාර්ගය සොයා ගැනීමට නොහැකි වීම නිසා සිසුන් ඒ බව පොලිස් හදිසි ඇමැතුම් අංශයට දැනුම් දී තිබේ.
ඒ අනුව යුද හමුදාවේ සහ පොලීසියේ කණ්ඩායමක් ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව රාත්‍රියේ කන්ද තරණය කර අලුයම 3.00 ට පමණ සිසු පිරිස පහතට රැගෙන ඒමට සමත්ව ඇත.