හෙද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරන්නට ජනපති උපදෙස් දෙයි – හංසලි උමාදී
සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයෙන් මුදල් අමාත්‍යාංශය සහ සෙසු ආයතන සමග සාකච්ඡා කර හෙද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීම පරිදි ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ය.
හෙද විශ්වවිද්‍යාල ඇරඹීම, දෙවන ශ්‍රේණියේ සිට පළවන ශ්‍රේණියට උසස් කිරීම් පෙර දාතමින් සිදු සිදු කිරීම, පැය 36 ක්ව පවතින රාජකාරී කාලය සතියට දින 05ක රාජකාරියක් ලෙස පැය 30 ක් ලෙස සැලකීම ඇතුළු හෙද වෘත්තීය සමිති ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්විය.
උසස් අධ්‍යාපන පනත සංශෝධනය කර කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, එතෙක් හෙද විද්‍යාල එකතු කර ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට උපදෙස් ලබා දී තිබෙයි.
අමරතුංග මහතා සඳහන් කළේ, අප්‍රේල් මස ඇතුළත උසස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් , මැයි මාසය අවසන්වීමට පෙර හෙද විශ්වවිද්‍යාල ඇරඹීමටත් කටයුතු කරන බවයි.
හෙද නිලධාරින් දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම් පෙර දාතමින් සිදු කිරීමට සහ නිල ඇඳුම් දීමනාව ලබාදීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ජනාධිපතිවරයා මුදල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.