කටුගස්තොට ප්‍රහාරය ආරක්ෂක හමුදාවක වැඩක්ද ? මහනුවර වාර්තාකරු
කටුගස්තොට වැරැල්ලගම ප්‍රදේශයේ නිවසකට ආයුධ සන්නධව පැමිණි පහළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් 16 හැවිරිදි පාසල් සිසුවෙකුට පහරදී ඔහුගේ අතක් කඩා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අලදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මෙම පිරිස (16) රාත්‍රියේ නිවසට පැමිණ පාසැල් සිසුවාට පහරදීමෙන් අනතුරුව නිවසේ බඩු භාණ්ඩ වලටද අලාභහානි සිදුකළ බව නිවැසියන් පොලීසියට පවසා ඇත.
පැමිණි පිරිස අත ටී.56 ගිනි අවියක් සහ පිස්තෝල දෙකක් තිබුණු බවද ඔවුන් පොලිීසියට කළ ප්‍රකාශයේ සඳහන්ව ඇත.
බොලෙරෝ වර්ගයේ ජීප් රියක්,කැබ් රථයක් හා යතුරු පැදි කිහිපයකින් මෙම පිරිස පැමිණ තිබෙන බව අනාවරණය වී තිබේ.
තුවාල ලත් කේ.ජී.ඒ වික්‍රමසිංහ නැමැති පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
යුද හමුදාවේ ඉහළ නිලධාරියෙකු ගමන් ගත් වාහනයකට පසුගිය 13 වැනි දින කටුගස්තොට ගොහාගොඩ හල්ඔළුව ප්‍රදේශයේදී තරුණයින් පිරිසක් පහරදුන් බව කියන සිද්ධියක් මුල්කර ගනිමින් යුද හමුදා කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදුරන්නට ඇතැයි සැකකරන බව තුවාල ලත් තරුණයාගේ ඥාතිහූ පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් අලදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.