ආණ්ඩුව ජාවාරම්කරුවන් රකිනවා ..තිස්ස අත්තනායක – මහනුවර වාර්තාකරු

thissa

භාණ්ඩ මිල පාලනය කර පාරිභෝගිකයා ආරක්ෂා කරනු වෙනුවට ආණ්ඩුව ජවාරම්කාර ව්‍යාපාරිකයින් රැක ගැනීමට කටයුතු කිරීම නිසා අද ජනතාවට දරාගත නොහැකි ලෙස බඩු මිල ඉහළ ගොස් ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
ආණ්ඩුවේ මෙම අදූර්දර්ශි ක්‍රියාකලාපය හේතුවෙන් අද වතුර බෝතලේ සිට සිමෙන්ති මිටිය දක්වා සියලු භාණ්ඩ හිතෙන මිල ගණන් වලට අළෙවි කිරීමට වෙළෙන්දෝ කටයුතු කරමින් සිටින බවද ඒ මහතා කීය.
මහනුවර පාතදුම්බර ආසනයේ පැවැති පක්ෂ ප්‍රවර්ධන කටයුතු වලට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අත්තනායක මහතා ඊයේ  (15) මේ බව ප්‍රකාශ කළේය.

එහිදී සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකවරයා මෙසේද කීය.රටේ ඩොලර් ප්‍රශ්නය උඩු දුවනවා.මේකට විසඳුම් සොයන්න ඕන එක එක රට වලට ගිහින් අතමාරු ඉල්ලාගෙන නෙවෙයි.මේකට තාවකාලික පිළියම් නොව ස්ථිර විසඳුමක් අවශ්‍යයයි.විදේශ සංචිත දිනෙන් දින බිඳ වැටෙනවා නම් ඒක වලක්වා ගැනීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළකට යාම ඉතාමත්ම අත්‍යවශ්‍යය කාරනයක්.ඒකයි අපි දිගටම කිව්වේ ජත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් ණය මුදලක් ගන්න කියලා. ඒ ඔස්සේ පවතින තත්ත්වයට මුහුණ දීලා අපි රටේ ආදායම් වැඩිකර ගන්න පියවර ගන්න ඕන. නමුත් ඒ එකක්වත් ආණ්ඩුව කරන්නේ නැහැ. ආණ්ඩුව හිතනවා ජත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම මගින් ආණ්ඩුවට බාධා ඇති වෙනවා කියලා.මේක වැරදි අදහසක්.ලෝකයේ විදේශ සංචිත කඩා වැටුණු රටවල් යළි වතාවක් නැගිටීමට ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත් අවස්ථා ඕනෑ තරම් තිබෙනවා.මේ අර්බුදයට ලොකුම හේතුව නිසි ආර්ථික කළමනාකරණයක් නොමැති වීමයි. තාවකාලික විසඳුම් සොයලා චීනය,ඉන්දියාව වැනි රට වලින් අතමාරුවට මුදල් ලබා ගැනීම වෙනුවෙන් රටේ විවිධ දේපොළ ඒ රටවල් වලට ලියා දෙන්න සිද්ධ වෙනවා.

මිල පාලනය කියන්නේ ජනාතව රකින්න ආණ්ඩුව සකස් කළ එකක්.ඒවා ඉවත් කිරීම මගින් බරපතල තත්ත්වයත් නිර්මාණය වෙනවා. පරිභෝගි සේවා අධිකාරියේ තීන්දු ක්‍රියාත්මක නොකිරීමෙන් ජනතාව පීඩාවට පත්වීම වැලැක්විය නොහැකියි.ආණ්ඩුව වෙනුවට වෙනත් තුන්වැනි පාර්ශවයක් මගින් තමයි අද රටේ භාණ්ඩ මිල තීරණය කරන්නේ..වතුර බෝතලයට මිලක් තිබෙනවා.සිමෙන්ති මිටියට මිලක් තියෙනවා.නමුත් ඒ මිලට මේවා ගන්න පුළුවන්ද? මෙහෙම වෙන්න නම් ආණ්ඩුවක් රටට අවශ්‍යය නැහැ.ජාවාරම්කරුවන් මර්දනය කරනවා වෙනුවට ආණ්ඩුව ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා.

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *