හැටන් බස්නැවතුම් පොල කුඩා ජලාශ පද්ධතියක් බවට පත්වේ.ජනතාව විවිධ දුෂ්කරතාවලට – හැටන් චන්දන ජයවීර

හැටන් නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොල වර්ෂා දින වලදි මඩ වතුර පිරුණු ස්ථානයකි.එමෙන්ම වැසි රහිත දින වලදි දුවිලි වලින් පිරුණු ස්වභාවයක් ගනී.එම නිසා මගී ජනතාව හා රියදුරන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.

හැටන් නගරය දෛනිකව විශාල ජනතාවක් ඒකරාශි වන වාණිජ නගරයකි..නගරය සදහා පිවිසෙන මගී ජනතාව වැඩි වශයෙන් පොදු මගී ප්‍රවාහන සේවය යොදා ගනී. මෙම බස්නැවතුම්පල දැනට වසර කීපයකට ඉහත දී කාපට් අතුරා සංවර්ධනය කලද ගුණාත්මක බවෙන් තොර අමුද්‍රව්‍ය යොදා නාවීකරණය කිරීමෙන් විශාල වලවල් ඇති වී තිබෙන බව ප්‍රදේශවාසීන්ගේ මතයයි.මෙම විශාල වලවල් වල වැසි දිනවලදි ජලය පිරි මඩ වගුරක් බවට පත් වන නිසා මෙන්ම වැහි රහිත කාලවලදී වියලි අධික දුවිලි ස්වභාවයක් ගන්නා නිසා මගී ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වේ.ශ්‍රිපාද වන්දනා සමයේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන වන්දනා නඩ හා සංචාරිකයින්

ප්‍රවාහනයේදී  පත්වන අසිරූතාවයන් සම්බන්ධයෙන් ප්‍රදේශයේ පරිපාලන ආයතනය වන හැටන් දික්ඔය නගර සභාව හෝ බස්නැවතුම් පොල භූමිය  අයත්මාර්ග සංවර්ධන අධිකාරිය ,මධ්‍යම පලාත් සභාව මෙන්ම ලංකා  ගමනා මණ්ඩලය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත්තේ මන්ද?

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *