රටට මොකද වෙන්න යන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අසයි _ මහනුවර වාර්තාකරු

ලබන මස පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේදී මෙරට මාධ්‍ය නිදහස උල්ලංඝනය වීම සම්බන්ධව බරපතල ලෙස සාකච්ඡාවට බදුන් විය හැකි බවත් මෙය ඉතාමත් අහිතකර ලෙස රටට බලපෑමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  උප සභාපති මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ව්‍යවස්ථාව මගින්ම තහවුරු කර තිබෙන අයිතියක් බවත් එය වැලැක්වීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් ජත්‍යන්තරය ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන බවත් ඒ මහතා කීය.
මහනුවරදී අද (16) මාධ්‍ය හමුවක් පවත්වමින් මහචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙසේද කීවේය.බඩු මිල සීඝ්‍රයෙන් වැඩි වෙන්න පටන් ගෙන.තෙල් මිල පාලනය කරන්න රජයට වැඩපිළිවෙළක් නැහැ.රටේ සම්පත් විකිණීමට එරෙහිව ජනතාවඋද්ඝෝෂණ ආරම්භ කරලා.මේ පීඩනය හමුවේ ජනතාවගේ අසහනය හා අතෘප්තිකර භාවය වර්ධනය වෙන්න පටන් ගෙන.ජනතාව තමන්ගේ දුක්ගැනිවිල,වේදනාව ප්‍රකාශ කරනවා. ආණ්ඩුවේ වැරදි තීරණ වෘත්තිය සමිති වගේම සමාජ ක්‍රියාකාරීන් විවේචනය කරනවා.මේ දෙස දෑස් දෙකන් පියාගෙන ආණ්ඩුව බලා සිටිනවා.මේ විවේචන ඉදිරිපත් කරන අයට වේදිකාවක් තනාදෙන මාධ්‍යවේදීන්ට තර්ජන කරන්න දැන් පටන් ගෙන තිබෙනවා.ලංකාවේ පළමු වාතාවට මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම,ඝාතනය කිරීම ආරම්භ වුණේ 1981 වසරේදී.සංවර්ධන සභා පනත ක්‍රියාත්මක කරන්න ගිය අවස්ථාවේ යාපනයේ පුස්තකාලය ගිනි තියලා විශාල මර්දනයක් ජේ.ආර් ආණ්ඩුව කළා.මේකට එරෙහිව මාධ්‍යකරණයේ නියැලුණු ඉල්ලනාඩු පත්තරේ ඡයාරූප ශිල්පියෙක් ව්‍යසනයට ගොදුරු වුණා.ඒකට වගකිව යුතු අය හෙළිදරව් වුණේ නැහැ.ඉන්පසු විමල් එස් .සුරේන්ද්‍ර කියන මාධ්‍යවේදියා ඝාතනයට ලක්වුණා.ප්‍රභූ කාන්තාවකගේ ඡායාරූප ලබාගත් බව කියන සිද්ධියක් මුල්කර ගෙන මෙම ඝාතනය සිදුවූ බවට බරපතල සැකයක් මතුවුණා.ඔහු යතුරු පැදියේ ගමන් ගනිත්දී පැළඳ සිටි හෙල්මටය එවකට ප්‍රබල ඇමැති ධූරයක් හෙබවූ පුද්ගලයෙකුගේ නිවසේ තිබී හමුවුණා.එම ඝාතනයේ චූදිතයා හඳුනා ගැනුනේ නැහැ.

මේ රටේ 1981 සිට 2012 දක්වා මාධ්‍යවේදීන් 120 ක් පමණ වධ හිසිංවට,ඝාතනයට,පහරදීම් වලට ලක්ව තිබෙනවා.සමහරු ජීවිත ආරක්ෂාව වෙනුවෙන් රට හැර ගියා.මෙම සිදුවීම් සම්බන්ධයෙන් බලයේ සිටි ආණ්ඩු වලට,ඉන්දියානු සාම සාධක හමුදාවට,ජවිපෙට චෝදනා එල්ල වුණා.අවාසනාවකට මේ කිසිදු සිදුවීමකට වගකිව යුතු අය හෙළිදරව් වී නැහැ.අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එල්ලවන ආසන්නතම ප්‍රහාරය තමයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අසූචි හා ගල් ප්‍රහාරයක් එල්ල වීම.ඇයි මාධ්‍යවේදීයෙකුගේ නිවසට ගහන්නේ.අදහස් ප්‍රකාශ කිරීමට එරෙහි වීම,තර්ජනය කිරීම,විරෝධය පෑම ඔස්සේ කියන්නේ අනිත් අයටත් කට වහගින්ලලා කියන එකයි.සෑම මැතිවරණයකදීම කතාබහට ලක්වුණ ප්‍රධාන කාරනා තමයි ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම,වංචා හා දූෂණ පිටු දැකීම හා මාධ්‍ය නිදහස තහවුරු කිරීම.නමුත් මේවා එකක්වත් සිද්ධ වුණේ නැහැ.බරපතල ආර්ථික අර්බුදයක් මතුව තිබෙන අවස්ථාවක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පාලනය කරනනවා නම් ඒ ඔස්සේ විශාල ගැටලු මතු වෙනවා.මේවා පසුපස කවර ආකාරයෙන් හෝ දෙශපාලන හා සමාජ බලවේග ඉන්නවා.යහපාලන ආණ්ඩු සමයේ මේ රටේ කිසිදු මාධ්‍යවේදියෙකුට තර්ජනයක් හෝ ප්‍රහාරයක් එල්ල වුණේ නැහැ. වල්බූරු නිදහසක් පාවිච්චි කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පෞද්ගලික කාරනා මුල්කරගෙන විවේචන ඉදිරිපත් කළත් එතුමා ඒවා ගණන් ගත්තේ නැහැ.ඒ යුගය අවසන් කරලා අපි නැවතත් ආරාජික යුගයකට ගමන් කිරීම ඇත්තටම කනගාටුවට කරුණක්.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *