සමෟද්ධියත් වැඩ වරයිද ?- ජනනි කොඩිතුවක්කු

සමස්ථ ලංකා ප්‍රගතිශීලි සමෟද්ධි සංවර්ධන නිලධාරී සංගමය අද 16 හලාවත මුන්නේශ්වරම ඊශ්වර කෝවිලේදී දේව කන්නලව්වක නිරත විණි . වසර 25 ක කාලයක් පවතින රජය හා පැවතී රජයන් සමෟද්ධි සංවර්ධන නිලධාරීන් නොසලකා හැරීම, ක්‍රමවත් උසස් කිරීමේ පරිපාටියක් නොමැති වීම ,මුල් සේවා කාලය එක්ව යන නිලධාරීන්ගේ සියයට හැට ගෙවීම පිලිබදව , වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය විධිමත්ව කිරීම , දුරකථන දීමනාවක් ලබා ගැනීම කාර්යාල දීමනාව වැඩි කිරීම වැටුප් විෂමතාවය ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් 19 ක් මුල් කර ගනිමින් මේ දේව කන්නලව්ව පැවති අතර මෙය තම සටනේ ආරම්භය බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සමෟද්ධි සංවර්ධන නිලධාරී සංගමය නිවේදනය කරන ලදී .
මෙහිදී අදහස් දැක්වූ සමස්ථ ලංකා ප්‍රගතිශීලි සමෟද්ධි සංවර්ධන නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ් .එච්. ජෝතිරතන මහතා පැවසිය . ” අපේ රැකියාවට අවුරුදු 25 යි . නමුත් අපි පිලිබදව කිසිදු රජයක් අවධානය යොමු කලේ නැහැ . අඩු වශයෙන් අපේ හඩට ඇහුම්කන් දෙන්න ඔවුන් ලෑස්ති නැහැ . ක්‍රමවත් උසස් කිරීමේ වැඩපිළිවෙලක් නැහැ . එහෙම තියෙද්දී අලුතින් ගන්න උපාධිධාරීන් අපේ ක්ෂේත්‍රයට අන්තර්ග්‍රහණය කරනවා . අපි කියන්නේ අපිටත් නිසි උසස් වීමේ වැඩපිළිවෙලක් හදල අපේ රැකියාවත් පිළිගන්න කියලයි . වැඩ ලක්ෂය රජයේ නව වැඩපිළිවෙළ තුලිනුත් අපිට අසාධාරණයක් කරලා තියනවා . “
තම වැඩපිළිවෙල රජය පිලි නොගතහොත් තමන් ඉදිරියේදී වැඩවර්ජනයකට යාමට තීරණය කර ඇති බවද සමස්ථ ලංකා ප්‍රගතිශීලි සමෟද්ධි සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් ඩබ් .එච්. ජෝතිරතන මහතා වැඩිදුරටත් පැවසිය.
මේ දේව කන්නලව්ව සදහා රටේ ප්‍රදේශ රැසකින් සමෟද්ධි සංවර්ධන නිලධාරීන් පැමිණ සිටියහ .