නාවික යාත්‍රාවක් කල්පිටියේදී ධිවර යාත්‍රාවක ගැටෙයි .- ජනනි කොඩිතුවක්කු

කල්පිටිය තලවිල මුහුදු තිරයේදී ධිවර යාත්‍රාවක් හා නාවික හමුදා යාත්‍රාවක් එකිනෙක ගැටීමෙන් ධිවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු තුවාල
ලබා කල්පිටිය මුලික රෝහලට ඇතුලත් කර ඇත . ඊයේ 15 පෙරවරු 07 ට පමණ මේ අනතුර සිදුවූ බව මේ අනතුරට ලක්වූ ධිවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු පැවසිය .
මේ අනතුරින් ධිවර යාත්‍රාව ට ද හානි සිදුව ඇති අතර ධීවරයන් පවසන්නේ මෙය නැවත භාවිතයකට ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවයි .
නාවික යාත්‍රාව තම යාත්‍රාව උඩින් එකවර ගිය අතර එහිදී තමන් ජීවිතය බේරා ගත්තේ දැඩි පරිශ්‍රමයකින් බවද මේ ධීවරයන් පවසිය
මේ පිලිබදව නාවික හමුදාවෙන් විමසීමට ගත් උත්සාහය අසාර්ථක විණි