හොරට උසස් පෙළ ලිවූ චීවරධාරියෙකු අත්අඩංගුවට – ජයනි දිලුමිණි

 උසස් පෙළ  විභාගය සදහා  ව්‍යාජ ජාතික හැදුනම්පතක් භාවිතා කර වෙනත් අයකු වෙනුවෙන් පෙනී චීවරධාරයකු පුත්තලම පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත මහහීල්ල ඉසුරුපුර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකි.  වැලිගම කොක්මාදුව ප්‍රදේශයේ විහාස්ථානයක හිමිණමක් වෙනුවෙන් මෙම භික්ෂුව පුත්තලම ඉස්මයිල්පුරම් සමගිපුර විහාරස්ථානය ලිපිනයට විභාග ප්‍රවේශ්‍ර පත්‍රයක් අතැතිව විභාගය ලියා ඇති බව සිදු කල පරීක්ෂණ වලදී අණාවර්ණය වී ඇති බව පුත්තලම පොලීසිය පවසයි.
පුත්තලම ශාන්ත මරියා දෙමළ විද්‍යාලයේ    විභාග ශාලාවේ දී  සිංහල විෂයේ 11 ( දෙවන ) කොටස ප්‍රශ්ණ පත්‍රයට පෙනී සිටියදී විභාග ශාලාදීපති  මෙම හිමිනම පිළිබදව  සැකසිතී  ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව ,  පොලීසියට භාරදී තිබේ . අත් අඩංගුවට ගත් චීවරධාරියා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *