සෞඛ්‍ය සහ විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – හංසලි උමාදී

විදුලි බල සැපයුම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය මහජන සේවාවන් බවට පත් කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ඔහුට පැවරී ඇති බලතල අනුවයි.

සාමාන්‍ය ජන ජීවිතය අවහිරයකින් හෝ බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම අඥාවන් නිකුත් කරන බව එම ගැසට් නිවේදනයේ සඳහන් ය.

එහි දැක්වෙන්නේ ‍විදුලි බල සැපයුම, රෝහල්වල , සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය ,පෝෂණය කිරීම,සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය මේ යටතේ අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරන බවය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *