තුම්පනේට නව සභාපතිවරයෙක් – මහනුවර වාර්තාකරු

මහනුවර ගලගෙදර තුම්පනේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා 2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය දෙවරක්ම පරාජයට පත්වීම හේතුවෙන් ඔහුට එම ධූරයේ තවදුරටත් කටයුතු කළ නොහැකි බවට අධිකරණය මගින් ලබාදුන් අතුරු නියෝගයකට අනුව උප සභාපති ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උපාලි කුමාරසිංහ මහතා නව සභාපති ලෙස අද  (09) වැඩ බාර ගත්තේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තුම්පනේ ප්‍රාදේශිය සභාවේ වැඩි බලය හිමිවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.සභාපති ධූරයට එම පෙරමුණේ ආර්.බී සමරකෝන් මහතා පත්වෙත්දී උප සභාපති ධූරය හිමිවූයේ උපාලි කුමාරසිංහ මහතාටය.
සභාපතිවරයා පිට පිට දෙවතාවක් අයවැය පරාජය වීම නිසා ඔහුට ප්‍රාදේශීය සභා පනතට අනුව තනතුර දැරිය නොහැකි බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට දැනුම් දුන් නමුත් පනතට අනුව සභාපතිවරයා වෙනුවට වෙනත් අයෙකු පත් කිරීමට ආණ්ඩුකාරවරයා කටයුතු නොකිරීම නිසා අධිකරණයේ නඩුවක් ගොනුකර සාධාරණය ඉටුකර ගැනීමට සිදුවූයේ යැයි වත්මන් සභාපති උපාලි කුමාරසිංහ මහතා කීය.
ඡායාරූප-උපාලි කුමාරසිංහ මහතා සභාපති ධූරයේ වැඩබාරගත් අවස්ථාව

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *