දරුවෙකු පෙන්වා මත් පෙති අලවි කල කාන්තාවක් අත්අඩංගුවට – මහනුවර වාර්තාකරු

මාස කිහිපයක් වයසැති බිළිඳෙකු අත රඳවා ගෙන මහනුවර නගරයේ තැනින් තැනට ගොස් පාසල් ළමුන් හා පෞද්ගලික පංති වලට සහභාගි වන තරුණයින්ට මත්පෙති අළෙවි කළ කාන්තාවක් මහනුවර පොලීසිය විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් පසු ඇයට මත්පෙති ලබාදුන් බව කියන ඖෂධ හළක හිමිකරු සහ සේවකයෙකුගෙන් පොලීසිය ප්‍රශ්නකර ඇත.
මානසික රෝගී පුද්ගලයින්ට වෛද්‍ය නිර්දේශ මත පමණක් නිකුත් කරන අදාළ පෙති 20 ක් පමණ මෙම කාන්තාව සතුව තිබී ඇති බවත් රුපියල් 15.00 ක පමණ මිලක් වන එක් පෙත්තක් සැකකාරිය රුපියල් 150.00 කට අළෙවි කර තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
මාස කිහිපයක් වයස දරුවා වඩාගෙන නගරයේ තැනින් තැනට ගමන් ගනිමින් මෙම කාන්තාව කිසිවෙකුට හෝ සැක නොසිතෙන පරිදි දීර්ඝ කාලයක් තිස්සේ මෙම මත්පෙති වෙළෙඳාම සිදුකර තිබෙන බව පොලීසිය පවසයි.
මහනුවර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.