ලක්ෂ 11 ක් එන්නත් ලබා ගෙන නැහැ – හංසලි උමාදී

අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් 1,170,000 ක් මෙතෙක් කිසිදු කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් ලබා ගෙන නොමැති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් එම්. එච්. එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළේ පසුගිය සති කිහිපයේ සිදුකළ සමීක්ෂණයකින් මෙම කරුණු අනාවරණ වූ බවයි.

අවුරුදු 20 ත් 29 ත් අතර එන්නත් ලබා නොගත් පිරිස 719,000 කි.

අවුරුදු 30 ත් 60 ත් අතර පුද්ගලයින් 3 86,408 කු ද කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා ගෙන නොමැති බව එම සමීක්ෂණයේදී අනාවරණ වී තිබේ.අවුරුදු 60 ට වැඩි 64,234 කු ද එන්නත් ලබා ගෙන නොමැත. ලේකම්වරයා සඳහන් කළේ රජය විසින් කොරෝනා මර්දන එන්නත්කරණ වැඩ සටහන් ගම් මට්ටමින් ක්‍රියාත්මක කර ඇති පසුබිමක ඇතැම් පිරිස් මෙලෙස එන්නත්කරණයෙන් මග හැර සිටීම කනගාටුවට කරුණක් බවයි.ඒ අනුව, මෙම පිරිස හැකි ඉක්මනින් එන්නත්කරණයට යොමු කරන ලෙස ග්‍රාම නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ඔහු ප්‍රකාශ කර තිබෙයි. මේ අතර, ඔමික්‍රෝන් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බුස්ටර් මාත්‍රාව ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *