Skip to content
මඩවල මහවංගුව දික්හින්න ප්‍රදේශයේ නිවසක් පිටුපස බැම්මක් ඉදි කිරීමට අත්තිවාරම් කපමින් සිටි පුද්ගලයින් සිව්දෙනකු මතට (07) පස්වරුවේ පස් කන්දක් කඩා
වැටීමෙන් තිදෙනෙකු මරණයට පත්ව ඇත.
පස් වලට යටව සිටි පුද්ගලයින් සිව් දෙනා ප්‍රදේශවාසීන් විසින් පිටතට ගෙන රෝහල් ගතකර තිබෙන අතර බරපතල තත්ත්වයේ පසුවූ එක් අයෙකු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
මියගිය පුද්ගලයින් පූජාපිටිය,මඩොල්කැලේ හා කැටබුල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් පරික්ෂණ මගින් අනාවරණය වී ඇත.
වත්තේගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.