මහනුවර උසස් පෙළ ළමුන් 20 කට කොවිඩ් _ මහනුවර වාර්තාකරු

මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත සිසුන් විසි දෙනෙකු මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින බව විභාගය සඳහා පෙනී සිටින කොවිඩ් ආසාදිත දරුවන් සම්බන්ධීකාරක සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.එම්. හේරත් මහතා පවසයි.

මෙම සියලුම දරුවන් මහනුවර පල්ලකැලේ ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ පිහිටි විශේෂ විභාග මධ්‍යස්නයේදී මෙම සිසුන්ට විභාගයට පෙනී සිටින්නට අවස්ථාව ලබාදී ඇතැයිද ඒ මහතා කීය.
කොවිඩ් ආසාදිතව තිබුණත් පෞද්ගලික වාහනයකින් විභාග මධ්‍යස්ථානයට පැමිණීමට හැකි සිසුන්ට නිවසේ සිට පැමිණ විභාගයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදී ඇතැයිද හෙතෙම පැවසුවේය.
මෙම සියලු දරුවන්ට අවශ්‍යය නේවාසික පහසුකම් හා ආහාර පාන මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සපයන බවත් දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය යටතේ විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබෙන බවත් මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් සිසිර රණවනමුල්ල මහතා කීය.
ඡායාරූප- මහනුවර පල්ලකැලේ ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ පිහිටි විශේෂ විභාග මධ්‍යස්නයේදී කොවිඩ් ආසාදිත සිසුන් මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටි අයුරු.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *