පොරොන්දු ඉටු කලා ..මහින්දානන්ද කියයි – මහනුවර වාර්තාකරු
කොවිඩ් ව්‍යසනය පැමිණි අවස්ථාවේ රනිල් මෛත්‍රි බලයේ සිටියා නම් ජනතාවට සිදුවන්නේ මහපාරේ මිය යන්නට බව කෘෂිකර්ම ඇමැති මහින්දාන්නද අලුත්ගමගේ මහතා පවසයි.
රනිල් මෛත්‍රී දෙදෙනා සුපුරුදු ගහ ගැනිල්ල කරත්දී ජනතාව සෑම අතින්ම පීඩාවට පත්වනු ඇතැයිද ඒ මහතා කීය.
නාවලපිටිය ආසනයේ කාන්තා බල මණ්ඩල රැස්විම පසුගියදා නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේ පැවති අවස්තාවේදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
තම දේශපාලන ඉතිහාසයේ දුටු අසාර්ථකම දේශපාලනඥයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බවද ඒ මහතා කීය.
ජනාධිපතිවරණයේදි පොරොන්දු වූ පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා රැකියා ලක්ෂයක් සෑම ගමකම තරුණ තරුණියන්ට ලබා දුන් බවත් මෙයට අමතරව උපාධිධාරීන් හැට දහසකට රැකියා ලබාදුන් බවත් කී ඒ මහතා සංවර්ධන වැඩසටහන්ද ඒ සමගාමීය සිදුකරන්නේ යැයි ප්‍රකාශ කළේය.
අනුර කුමාර දිසානායකට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සංවිධායක ධූරය ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ හා මලික් සමරවික්‍රම සමඟ දැමූ ඩීල් වල ප්‍රතිපලයක් නිසා යැයිද හෙතෙම පැවසුවේය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 58 ක බලයක් තිබූ කණ්ඩායමට විපක්ෂනායක ධූරය නොදුන් බවද හෙතෙම අවධාරණය කළේය.