ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩිවීමක් සිදුවන්නේ නැහැ – මහනුවර වාර්තාකරු

ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
අවසන් වරට බස් ගාස්තු ඉහළ දැමීම සඳහා අනුමැතිය ලබාදුන් අවස්ථාවේ නැවත ඉන්ධන මිල යෑමක් සිදු වුවහොත් ගාසතු වැඩි කිරීමක් නොකරන බවට බස් හිමියන් එකඟතාවකට පැමිණි බවද ඒ මහතා කීය.
මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී පෙරේදා (06) පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඉන්ධන හා අමතර කොටස් මිල ගලපා ගනිමින් බස් ගාස්තු සංශෝධනය කිරීමේ මිල සූත්‍රයක් ක්‍රියාත්මක බවත් ඒ අනුව ගාස්තු වැඩි කිරිමක් සිදු කිරීමේදී සූත්‍රයට අනුකූලවම එය සිදු නොකර ජනතාවට යම් සහනයක් ලබා දීමට පියවර ගන්නා බවත් කී ඒ මහතා අවසන් වරට ගාස්තු වැඩි කිරීමේදී එවැන්නකට නොගොස් මිල සූත්‍රයට අනුවම ගාස්තු ඉහළ නැන්වූ බවද අවධාරණය කළේය.
එවැනි වැඩි කිරීමක් සඳහා අවසර ලබා දුන්නේ නැවත ඉන්ධන මිල ඉහළ ගියහොත් ගාස්තු ඉහළ දැමීමක් නොකරන බවට බස් හිමියන් එකඟතාවකට පැමිණි නිසා බවත් මේ හේතුවෙන් නැවත බස් ගාස්තු ඉහළ යෑමක් සිදු නොවන බවත් ප්‍රවාහන රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *