සාමය හා සුහදතාවය රකින්නට ආගමික නායකයින් පෙරමුණට – මෙලනි මානෙල් පෙරේරා

 

”හැම ආගමකම අන්තවාදීන් කිහිප දෙනෙක් ඉන්නවා. නමුත් බහුතරයකට අවශ්‍ය සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් වෙන්නයි. ඒත් ඒ සමගිය සාමය නැති කරන්න තමයි අන්තවාදී කල්ලි නිතරම උත්සාහ කරන්නේ. ඔවුන් ඒ සඳහා නිතර නිතර විවිධ දේ ඉදිරිපත් කරනවා. එබැවින් ආගමික නායකයන් වශයෙන් අපට විශාල අභියෝගයක් සහ වගකීමක් තිබෙනවා එවැනි විනාශකාරි සිදුවීමි සිදුනොවන්නට වගබලාගන්නට.” යැයි මීගමුව කලාපීය නාහිමි ගරු සිස්වාන් කෲස් පියතුමා පැවසීය.

සිස්වාන් පියතුමා එසේ පැවසුවේ  මිගමුව කටුවපිටිය  දේවස්ථානයේ දියි .

ශ්‍රී ලංකා ජාතික සාම මංඩලය හා මිගමුව ප්‍රාදේශීය අන්තර් ආගමීක කමිටුව මගින් සංවිධානය කළ අන්තර් ආගමීක කමිටු අත්දැකිම් හුවමාරු වැඩසටහනක් ජනවාරි මස 18 19 20 යන තෙදින පුරාවට මීගමුවෙිදී පැවැත්වුණි. එම අත්දැකිම් හුවමාරු වැඩසටහන සඳහා මඩකලපුව” ත්‍රිකුණාමලය” වැලිගම සහා මිගමුව යන දකුණු ” නැගෙනහිර සහ බස්නාහිර යන පළාත්වලින් අන්තර් ආගමික කමිටු ආගමික නායකයන් මෙන්ම සාමාජිකයන් 120 දෙනෙකු පමණ සහභාගි වුණි.

සංකේතාත්මකව මෙවැනි අන්තර් ආගමික චාරිකා සහා  වැඩසටහන්” ඉදිරිපත් කරමින් ආගමි අතර” ජාතින් අතර” එකමුතුකම” සාමය වර්ධනය කරගන්නට” ආගමීක නායකයින් සමග රටේ සාමාන්‍ය ජනතාව ද එකමුතු විය යුතු යැයි ප්‍රකාශ කළ ගරු පියතුමා” —මෙි සර්ව ආගමීක වැඩසටහන්වලට අපි ලංකාව පුරා යන විට අපි අත්දකින දෙයක් තමයි පොදු ජනතාව හරිම කැමතියි ආගමීක නායකයින් එකමුතුව ඉන්නවා දකින්න. ගොඩක් දෙනෙක් ඇවිත් පින්තුර ගන්නවා. ඒ වගේම ඔවුන් අපිට කියනවා අද අපේ රටේ හැම තැනම මෙහෙම දකින්න අපි කැමතියි කියලා.මේ පවතින සාමය විනාශ වෙන්න ඉඩ දෙන්න බැහැ කියලා. ඒ නිසා යළි මෙවැනි ඛේිධවාචක සිදුනොවෙන්නට අපි හැමෝම එකතුවෙලා වැඩකරන්න ඕනෙ.˜ යැයි කීවේය.

එමෙන් ම” අන්තර් ආගමීක කමිටුවෙි බෞද්ධාගමීක නායකයෙකු වන මාතර ගණේගොඩ පුරාණ රජමහා විහාරයේ වැඩවාසයකරන පූජ්‍ය රත්මල්කැටියේ සිරිධමිම හිමි අදහස් දක්වමින් කියා සිටියේ” —ආගමීක නායකයින් අතර අවබොධය සහ සුහදතාවය වර්ධනය කිරීම සඳහා ජාතික සාම මණ්ඩලය මගින් වසර ගණනාවක් තිස්සේ ගනු ලැබු උත්සාහයක ප්‍රතිඵලයක් තමයි අද අපි මෙි විධියට එකමුතුව මෙි බෝමිබ ප්‍රහාරයට ලක්වුණු දේවස්ථානය බැහැදකින්නට ආවෙි. අපිට හරි කමිපනයක් දැණුනා මෙි සිද්ධිය පිළිබඳව.˜ යනුවෙනි.

ජාතික සාම මණ්ඩලය හා සමිබන්ධ මුස්ලිම් පුජකවරු ” හින්දු කුරුක්කල් තුමන් ” ක්‍රිස්තියානි පූජකතුමන් සහ බෞද්ධ ස්වාමින්වහන්සේලා අතර ලොකු සුහද තාවයක් මෙන් ම විශ්වාසයක් ගොඩනැගි තිබෙන බව ප්‍රකාශ කළ සිරිධමිම හිමි ” මෙකි සුහදතාවය හා විශ්වාසය ගොඩනැගෙන්නට අවශ්‍ය කරන්නේ මෙි රටෙි ජීවත්වෙන පොදු මහජනතාව අතර යැයි අවධාරණය කළේය.

ආගමීක අන්තවාදි කොටස් විසින් සිදුකරනු ලබන ක්‍රියාවන් හැරෙන්නට” ආගමීක නායකයින් සහ බහුතරයක්  ජනතාව අතර සුහදත්වය පවතින බව පෙන්වාදෙන ” ආගම් හා සාරධර්ම අධ්‍යන ඒකකයේ උපදේශක වරයෙකු වශයෙන් කටයුතු කරන පූජ්‍ය සිරිධමිම හිමි  ” රට තුළ සාමකාමි වාතාවරණයක් ප්‍රව්ර්ධනය කරන්නට ජාතික සාම මණ්ඩලය ගනු ලබන විශාල උත්සාහය ආගමීක නායකයින් විධියට අගය කරන බව ද කීහ.

පාස්කු ඉරිදා ඛෙිධවාචකය සමගින් මීගමුව ප්‍රදේශය මූලිකව මුස්ලිම් සහ කිතුනුවන් අතර කෝලාහලයක් ඇතිවන්නට ඉඩ නොදී සාමය පවත්වා ගැනීමට කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛව, සිස්වාන් පියතුමා ඇතුලු මීගමුව කළාපීය පූජකතුමන් කළ විශිෂ්ට මැදිහත්වීම බොහෝසේ අගය කරන බව මීගමුව මුස්ලිමි මහ පල්ලියේ ප්‍රධාන පූජක මෙන්ම මීගමුව අන්තර් ආගමික කමිටුවෙි සාමාජික සල්මාන් මවුලවි පැවසීය.

මීගමුව කේන්ද්‍රකොට ගෙන පවත්වන්නට යෙදුනු තෙදින අත්දැකීමි හුවමාරු වැඩසටහනේ දී ” කටුවාපිටිය දේවස්ථානයට අමතරව පාස්කු ප්‍රහාරයෙන් මිය ගියවුවන් වළලා තිබෙන ස්ථානය ” මීගමුව මහාවීදියේ ශාන්ත මරියා දෙව්මැදුර ” මුස්ලිමි මහ පල්ලිය ”  පෙරියම්මුල්ල මුස්ලිම් පල්ලිය ” අඟුරුකාරමුල්ල මහ විහාරය ” රහුමනාබාද් පිටිය යන ස්ථාන නැරඹීමට අමතරව බෝට්ටු සාවාරියකින් මීගමුව කලපුව සහ කඩොලාන නරඹා ඔවුන් විසින් එම අත්දැකිමි ද ලබාගත් බව බව සංවිධායකයින් කීහ.

 

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *