2021 උසස් පෙළ අදින් ඇරඹෙයි – හංසලි උමාදී , ජනනි කොඩිතුවක්කු

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද දින ආරම්භ වේ.
අධ්‍යාපන බලධාරීන්, විභාග ශාලාධිපතිවරුන්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව විභාගය ආරම්භ කිරිම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත .
ඒ අනුව, විභාගය ලබන මස 05 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් .
විභාග මධ්‍යස්ථාන 2,438කදී සිසුන් 345,242දෙනෙකු මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.
මෙවරද විභාග නීති රීති එලෙසම ක්‍රියාත්මක වන අතර විභාග ශාලාවට ඉලෙක්ට්‍රොනික මෙවලම්, ඉලෙක්ට්‍රොනික අත්ඔරලෝසු, ජංගම දුරකථන වැනි අනවශ්‍ය දේ රැගෙන ඒම තහනම් වේ.
විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේනම් 1911 ක්ෂණික දුරකතන අංකය හෝ 011- 2784208 හෝ 011 -2784537 අංක අමතන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
එමෙන්ම, කොවිඩ් ආසාදිත සහ නිරෝධායනය වන අපේක්ෂකයින් සඳහා රෝහල් ආශ්‍රිත විශේෂ මධ්‍යස්ථාන 29ක් ද පිහිටුවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කරයි.
ඔහු පවසන්නේ, මෙවර විභාගය සඳහා ලබාදී ඇති උපදෙස් මත පදනම්ව නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින බවය.
මේ අතර, ශ්වසන අපහසුතා ඇතුළු සැකසහිත රෝගලක්ෂණ සහිත දරුවන්ට විභාගයට පෙනී සිටිම සඳහා සෑම විභාග මධ්‍යස්ථානයකම වෙනත් ස්ථානයක් වෙන්කර ඇති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය ප්‍රකාශ කර තිබෙයි.
කොවිඩ් -19 වෛරස ආසාදිත විභාග අපේක්ෂකයින් සහ නිරෝධායන වන විභාග අපේක්ෂකයින් සඳහා විශේෂ නිවේදනයක් විභාග කොමසාරිස්වරයා විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව, එවැනි අපේක්ෂයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව දිස්ත්‍රික් මට්ටමින්, රෝහල් සහ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ආශ්‍රිතව පිහිටුවා ඇත.
එවැනි විභාග අපේක්ෂකයින් නම් කරන ලද විශේෂ විභාග මධ්‍යස්ථානවල නේවාසිකව සිටිමින් විභාගය සඳහා පෙනී සිටිය යුතුය.
එම මධ්‍යස්ථානවල නේවාසිකව සිටිමින් විභාගය සඳහා පෙනී සිටිමට අවශ්‍ය සියලුම පහසුකම් සංවිධානය කර ඇති බව ද විභාග කොමිසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
සියලුම ආසාදිත විභාග අපේක්ෂයින් මෙම විශේෂ විභාග මධ්‍යස්ථානවල නේවාසික වීම අනිවාර්ය වන අතර වෙනත් කිසිදු ස්ථානයක දී විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොමැති බව ද විභාග කොමසාරිස්වරයා දන්වා සිටී.
විභාගය පැවැත්වෙන කාලය අතරතුර නිරෝධායන වන විභාග අපේක්ෂයින්, විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් තමන්ට නියමිත විභාග මධ්‍යස්තානය පිහිටුවා ඇති විශේෂ විභාග කාමරයේ දී විභාගයට පෙනී සිටිය යුතුය.
තමා නිරෝධායනය වන බව විභාග ශාලාධිපතිට දන්වා සිටිය යුතු බව ද විභාග කොමසාරිස්වරයා දන්වා සිටී.