මහනුවර යෝධ නිදිකුම්බා ඉවත් කරයි – ජනනි කොඩිතුවක්කු

මධ්‍යම කදුකරයේ මහවැලි ගංගාව දෙපස වැඩි තිබෙන ආක්‍රමණශීලී විදේශීය ශාකයක් වන යෝධ නිදිකුම්බා ඉවත් කිරීමේ වැඩසටහනක්
මහනුවර ලේවැල්ල ගං තීරුවේදී ආරම්භ විය.
පෙබරවාරි 04 වන දිනට යෙදෙන 74 වන නිදහස් දින සැමරුමට සමගාමීව ආක්‍රමණශීලී ශාඛ ඉවත් කිරීම හා රුක් රෝපණය නිමිත්තෙන් මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
ලේවැල්ල, තල්වත්ත, තැන්නේකුඹුර හා ගුරුදෙණිය යන ප්‍රදේශවල මහවැලි ගං තීරුවේ යෝධ නිදිකුම්බා ගලවා ඉවත් කිරීම සහ ගඟ දෙපස එක්වූ ප්ලාස්ටික් ඇතුලු අපද්‍රව්‍ය ඉවත් කිරීම ද මෙහිදී සිදුවිය.
මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් සම්පත් බණ්ඩාර ජයසිංහ මහතා ඇතුලු එම කාර්යාලයේ කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාත්මක විය.