අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජාතික රැල්ලක් – මෙලනි මානෙල් පෙරේරා

ඉදිරි දශක දෙක තුළ දී මිනිසුන්ගේ ආර්ථීකය ශක්තිමත් වීමේදි නිවසෙන්, රැකියා බිමෙන් , පාසැලෙන් බැහැර වන අපද්‍රව්‍යවල ප්‍රමාණය වර්ධනය වන අතර ඊට සාපේක්‍ෂව අපද්‍රව්‍ය කළමනාකරණයක් ඇතිකරන්නට වර්ථමානයේ සිට සුදුසු පියවරයන් ක්‍රියාත්මක කළ යුතු බව ද එසේ නොවුව හොත් දැඩි පාරිසරික මෙන් ම සාමාජීය අර්බුද වලට මුහුණ දෙන්නට සිදුවන බව කොළඹදී පැවති ජනමාධ්‍යවෙිදින් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකදි ප්‍රකාශ විය. 
මෙම කාර්යයෙහි ලා ජනමාධ්‍යවෙිදින් හට දැඩි වගකීමක් ඇතිබව ප්‍රකාශ කළ බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ නලින් මාන්නප්පෙරුම, ශ්‍රි ලංකාව තූළ විශේෂයෙන් ම බස්නාහිර පළාත තුළ ප්‍රධාන ප්‍රශ්නයක් ව පවතින අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, පාසැල් දරුවන් දැනුවත් කිරීම කඩිනමින් සිදුකළ යුතු කාලීන අවශ්‍යතාවයක් බව පෙන්වා දුණී.
ඉදිරි දශක දෙක තුළ දී අර්බුදයක් බවට පත්විය හැකි අපද්‍රව්‍ය බැහැර කිරීම, නිසි ක්‍රමවේදයන් ඔස්සේ සිදුකළ යුතු බවට ශ්‍රි ලාංකික පුරවැසියන් හට ඒත්තු ගැන්වීමෙහිලා මාධ්‍ය වගකීම අවධාරණය කිරීම සඳහා “අපද්‍රව්‍ය කළමනාකරණ මූලධර්ම, ප්‍රතිපත්ති සහ ශ්‍රී ලාංකීය පරිචයන්” යන මැයෙන් පරිසර මාධ්‍යවේදීන්ගේ එක් දින දැනුවත් කිරීමේ සැසියක් හා මාධ්‍ය සාකච්ඡාවක් පසුගියදා කොළඹ මැරිනෝ බීචි හෝටලයේදි පැවැත්විණි.
ගෝලීය අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ (පින්ලා) නාගරීක සමිපත් මධ්‍යශ්ථානය (සෙවනත) සහා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය හා වර්ල්ඩ් විෂන් ආයතනය එක්ව මෙම වැඩසටහන සංවිධානය කළේය.
බස්නාහිර පළාත තුළ කුඩා නගර කිහිපයක හැරුණු විට පළාත් පාලන ආයතන 21 තවමත් ඝන අපද්‍රව්‍ය එකතු කිරීමෙි කටයුත්තේ නියැලෙන්නේ නැති අතර කොළඹ, දෙහිවල, කෝට්ටේ සහ මහරගම යන පළාත් පාලන ආයතන හතර තුළ පමණක් දිනකට මෙ.ටොන් 100 ට වැඩි අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු කරනු ලබන බව බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළේය.
කොළඹ සහ මොරටුව මහ නගර සභාවලින් දිනකට එකතු කරනු ලබන සමස්ත ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය පිළිවෙළින් මෙ.ටොන් 706ක් සහ 124.5 ක් වන අතර ඉන් මෙ.ටොන් 353ක් සහ 65.4ක ප්‍රමාණය ඉවත දමන ආහාර බවත් , දිනකට බස්නාහිර පළාතෙන් ඉවත දමන පිසු ආහාර ප්‍රමාණය මෙ. ටොන් 300ක් වන බවත් ඔහු පෙන්වාදුණි.
වැඩිදුරටත් බස්නාහිර පළාත තුළ වර්ථමානයේදි අපද්‍රව්‍ය බැහැර කිරීමෙි ධාරිතාවන් පිළිබඳව පැහැදිළි කළ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්‍ෂවරයා කියා සිටියේ අපද්‍රව්‍ය බැහැර කිරීම් පිළිබඳව කොතෙකුත් නීති පනවා තිබුණ ද ප්‍රතිපත්ති තිබුණ ද මහජනතාවගේ දැක්ම වෙනස් නොකර, ආකල්ප වෙනස් නොකර මෙම කාර්යය සිදුකළ නොහැකි බවයි.
එහෙත්, මෙම අර්බුදය විසඳා ගැනීමට පිළියම් අප අතරම ඇති බව පෙන්වා දෙමින් , ගෝලීය අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ (පින්ලා) නාගරීක සමිපත් මධ්‍යශ්ථානයේ (සෙවනත) අපද්‍රව්‍ය කළමනාකරණ, කළමනාකරු අතුල රණසිංහ සහ එම ව්‍යාපෘතියේ ම MSME විශේෂඥ නිමල් ප්‍රේමතිලක විසින්, ඉවත දමන “සියලුම අපද්‍රව්‍ය සම්පතක්” බවට පරිවර්ථනය කරගැනීමට ඔවුන් සතුව ඇති සම්පත් පිළිඳව ජනමාධ්‍යවේදින් සවිස්තරාත්මකව දැනුවත් කළහ.
“බස්නාහිර පළාතේ ජාඇල, වත්තල වගේම උතුරේ චාවාකච්චේිරිය යන පළාත්වල පින්ලා-සෙවනත වැඩසටහන යටතේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලිය ඉතාම සාර්ථකව පවත්වාගෙන යනවා. මේ පළාත් තුනෙහි ම අපද්‍රව්‍ය එකතු කරනු ලබන ගැහැණු පිරිමි සේවකයින් 100 දෙනෙක් ඉතාම කැපවීමෙන් කටයුතු කරමින් අපද්‍රව්‍ය එකතු කිරීමේ සිට නිවරැදිව වර්ගීකරණය කිරීම සහ ප්‍රතිචක්ක්‍රීකරණය සිදුකරමින් ඉතා හොඳ ආර්ථික ශක්තියක් ගොඩනාගෙන තිබෙනවා. මෙි තුළින් පරිසරය ද සුවපත් කරන්න ඔවුන් දායක වෙනවා.” යැයි පින්ලා ව්‍යාපෘතියේ අපද්‍රව්‍ය කළමනාකරණ, කළමනාකරු අතුල රණසිංහ පැහැදිළි කළේය.
ඔවුන් මාසිකව අපද්‍රව්‍ය මෙ. ටොන් 128ක් එකතුකරන අතර රුපියල් 6000.00 සිට රුපියල් 100,000.00 දක්වා ආදායමක් ලබාගන්නා බව ද ඔහු කීවෙිය.
අපද්‍රව්‍ය බැහැර කිරීමෙි හා ප්‍රතිචක්‍රීකරණය කිරීමෙි සමස්ත ක්‍රියාදාමය සහ එම සේවකයින් සම්බන්ධයෙන් නිපදවා ඇති වාර්ථාමය වීඩියෝ පටයක් ද ප්‍රදර්ශනය කරමින් ජනමාධ්‍යවෙදීන් වෙත අපද්‍රව්‍ය බැහැර කිරීමෙි වගකීම සහ වටිනාකම පැහැදිළි කළ කළමණාකරු අතුල රණසිංහ, මෙම ජාතික අවශ්‍යතාවය කෙරෙහි ජනතාව මෙහෙයවමින් ඔවුන්ගේ ආකල්ප වෙනස් කිරීමෙහිලා ජනමාධ්‍යවෙිදීන් වෙත විශාල වගකීමක් පැවැරෙන බවත් එය ඉටුකිරීම සඳහා ක්‍රියාකාරිව මැදිහත් වන ලෙසටත් ඉල්ලා සිටියේය.
එමෙන් ම, විශ්වවිද්‍යාල දේශක සහ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පී බී ටර්නි ප්‍රදීප් කුමාර විසින් සමුද්‍ර දූෂණය හා එය වැළැක්වීම,පාලනය සහ කළමනාකරණය, පිළිබඳව ද, පරිසර අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ආචාර්ය පද්මිණී බටුවිටගේ විසින් අපද්‍රව්‍ය කළමනාකරණ මූලධර්ම සහ ප්‍රතිපත්ති පිළිබඳව ද සවිස්තරාත්මක හරවත් දැනුවත් කිරීමක් සිදුකරන ලදී.