ආබාධිත රණවිරුවන් පිරිසකට විද්‍යුත් ආරෝපිත යතුරුපැදි – ජනනි කොඩිතුවක්කු

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර ගේ ආරාධනයෙන් ආබාධිත රණවිරුවන් 12 කට සංකේතාත්මකව විද්‍යුත් ආරෝපිත යතුරුපැදි ප්‍රදානය කිරීම ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අතින් කෝට්ටේ ශ්‍රි ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යංශ මූලස්ථාන සංකීර්ණයේ දී සිදු කෙරිණි.
රුපියල් මිලියන 10ක් වටිනා මෙම විද්‍යුත් ආරෝපිත යතුරුපැදි රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නංවාලීම සඳහා රණවිරු සේවා අධිකාරිය විසින් සිදුකරනු ලබන සුබසාධන ව්‍යාපෘතිවල එක් ව්‍යාපෘතියක් ලෙස ලබාදේ.
උත්සවයේදී අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටියේ රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය හිමිවන බවත්, රණවිරුවන්ගේ වැටුප් ප්‍රශ්න විසඳීම ඇතුළු සුබසාධන ක්‍රියාමාර්ග රැසක් රජය විසින් ගෙන ඇති බවත්ය.
ආබාධ තත්වය නිසා තම දෛනික කටයුතුවලට මුහුණ දීමට අපහසුතා මෙම විද්‍යුත් ආරෝපිත යතුරුපැදි ලබාදීම මගින් මගහැරී යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එය මෙම රණවිරුවන් දිරිගැන්වීම සහ පෙළඹවීම මගින් ව්‍යවසායකත්වය පවා වර්ධනය කර ගැනීමට සහ එමගින් වඩාත් ඵලදායී සහ යහපත් ජීවිතයක් ගත කිරීමට මග පාදනු ඇත.
මෙම අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනි සෝනියා කෝට්ටේගොඩ මහත්මිය, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රණවිරු සේවා අධිකාරියේ නිලධාරීන් සහ ප්‍රතිලාභීන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වූහ.