බොරළු කැපීමකට විරුද්ධව පොහොට්ටුවේ දේශපාලකයන් පාරට – පුත්තලම වාර්තාකරු නිමේෂ් සංදීප

නාත්තන්ඩිය මුට්ටිබැදිවෙළ ප්‍රදේශයේ සිදුකරන බොරළු ඛැනිමකට විරෝධය පල කරමින් 06 පෙරවරුවේ මුට්ටිබැදිවෙළ ප්‍රදේශවාසින් විරෝධතාවයක නිරත විණි . මේ සදහා ප්‍රදේශයේ මහා සංඝරත්නය හා නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ප්‍රසන්න මාරසිංහ හා නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී අනුර කුමාර යන මහත්වරු එක්ව සිටියහ .

පිල් මාරු කරන ලද  පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙලේ දේශපාලකයෙකු මේ බොරළු ඛැනිම පිටුපස සිටින  බව විරෝධතාකරුවන් පැවසූ අතර  ඔහු  පසුගිය රජය සමයේද මේ ස්ථානයේ බොරළු ඛැනිම් සිදුකල බව විරෝධතාකරුවන්  ප්‍රකාශ කළා .

මේ විරෝධතාවය පැයකට ආසන්න කාලයක් පැවති අතර , එහිදී විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ වසර කීපයක සිට මේ ස්ථානයේ බොරළු කැපීම සිදුවන අතර ,මේ වන විට අඩි හතලිහක්  පමණ යටට අක්කර පහකට වැඩි ප්‍රමාණයක බොරළු කපා ඇති බවයි .

ප්‍රදේශයේ ගොවි සංවිධාන කීපයක නායකයන් හා ගොවින් ද මේ විරෝධතාවයට එක්ව සිටි අතර ඔවුන් කියා සිටියේ මේ බොරළු කැපීම හේතුවෙන් ප්‍රදේශයේ ජල මුලාශ්‍ර සිදී ගොස් ඇති අතර වගාවට පමණක් නොව බිමට ජලය සොයා ගැනීමට ද වෙහෙසක් දැරීමට සිදුවන බවයි .

මේ විරෝධතාවයට එක්ව සිටි නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ප්‍රසන්න මාරසිංහ මහතා ප්‍රකාශකලේ නාත්තන්ඩිය ආසනයේ මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී ඇති බවයි . මේ හේතුවෙන් ජනතාව තමනට මෙන්ම රජයටද චෝදනා කරන බව පැවසූ මාරසිංහ මහතා මේ පිලිබදව රජයේ ඉහල නායකයනට දැනුම් දී ඇති බවද පැවසිය .

ප්‍රදේශවාසීන් මේ පිලිබදව පුත්තලම දිස්ත්‍රික් ලේකම් වරයා හා මහවැව ප්‍රාදේශීය ලේකම් වරිය දැනුවත් කිරීමට පියවර ගත් අතර මහවැව ප්‍රාදේශීය ලේකම් නදීජා හේරත් මහත්මිය ප්‍රකාශ කලේ තමන් මේ බොරළු ඛැනිම සදහා අනුමැතිය ලබා දුන්නේ සියලු ආයතන වලින් විමසීමෙන් පසුව බවයි . මේ වන විට ගැටලුවක් නිර්මාණය වී ඇති බැවින් මේ ප්‍රදේශයේ සිදුකරන සියලු බොරළු ඛැනිම් නවත්වන ලෙසට භූ විද්‍යා හා පතල් කාර්යංශයට දැනුම් දුන් බව පැවසුවාය .

 

දැන්වීමකි

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *