රට යන අයට ෆයිසර් මාත්‍රා තුනක් -හංසලි උමාදී

මෙතෙක් කිසිදු එන්නතක් ලබාගෙන නොමැති එහෙත් විදෙස්ගතවීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් සඳහා ෆයිසර් මාත්‍රා 03 ක් ලබා ගැනීමට ඉඩසලසා දී තිබෙයි.

ෆයිසර් තුන්වන මාත්‍රාව ලබාගත හැක්කේ බූස්ටර් මාත්‍රාවක් ලෙසයි. ඒ අනුව, රැකී රක්ෂා හෝ අධ්‍යාපන කටයුතු සඳහා පිටත්වන ඕනෑම අයෙකුට මෙම එන්නත් මාත්‍රා ලබාගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියි.

මේ අතර, ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යන පුද්ගලයින් සඳහා සිව්වන මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට ද තීරණය කර තිබෙයි.

ඒ, ඔස්ට්‍රේලියාව සයිනොෆාම් එන්නත පිළිනොගැනීම හේතුවෙන් ය.

ඒ අනුව සයිනොෆාම් එන්නත් දෙකක් ලබාගෙන ඇති පුද්ගලයින්ට තවත් ෆයිසර් මාත්‍රා දෙකක් ලබාගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීම මත දැනට එම රට සඳහා පමණක් මෙම වැඩපිළවෙල ක්‍රියාත්මක බවත්, සෙසු රටවලින් ද ඉල්ලීම් ලැබුණහොත් අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *