ඉදිරියේදී තනිව කාටත් බැහැ – මෛත්‍රි කියයි

ඉදිරි මැතිවරණ වලදී සන්ධානගතව මිස කිසිදු දේශපාලන පක්ෂයකට තනිව ජයග්‍රහණ ලැබීමට නොහැකි බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ ඉල්කක කර ගනිමින් සංවිධාන කටයුතු දියත්කර තිබෙන බවද ඒ් මහතා කීය.
මහනුවරදී (02) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.විසිවන ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් මතුව තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය.
රටේ ප්‍රශ්න ගණනාවක් මතුව තිබෙන නමුත් ඒ් කිසිවකටත් විසඳුම් ඉදිරිපත් වන බවක් පෙනෙන්නට නැතැයිද ඒ් මහතා කීය.