මිලියන 32 ක මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයේ – හංසලි උමාදි

රුපියල් මිලියන 32 කට ආසන්න මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගු භාරයට ගෙන තිබේ.

රේගුව සඳහන් කළේ, පාර්සල් අටක් පරීක්ෂා කිරීමේ දී එම මත්ද්‍රව්‍ය සොයා ගත් බවයි.

බ්‍රිතාන්‍ය , කැනඩාව, ජර්මනිය යන රටවල සිට කොළඹ, ගම්පහ සහ මහනුවර ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගේ ලිපිනවලට අදාළ පාර්සල් යොමු කර තිබෙයි.

අනතුරුව කළ සොයා බැලීමේ දී ඒවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වී ඇතැයි රේගුව සඳහන් කරයි.

කුෂ් නැමති ගංජා ග්‍රෑම් 1590ක් සහ මත්පෙති 601 ක් එම පාර්සල්වල තිබී සොයාගෙන ඇත.

වැඩිදුර විමර්ශන සඳහා ඒවා භාර දී ඇත්තේ , පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයටයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *